Kitchen
බිලිං චට්නි
අවශ්‍ය ද්‍රව්‍ය:-
බිලිං ග්‍රෑම් 500
විනාකිරි බෝතල් 1/4
සීනි ග්‍රෑම් 300
මිරිස් කුඩු මේස හැඳි 1
සුදුලූනු බික් 2-3ක්
ඉඟුරු කුඩා කැබැල්ලක්
ලුණු රසට අනුව
සාදන ආකාරය:-
බිලිං
සෝදා ඉතා සිහින්ව පෙති ගසා ලුණු මිශ්‍ර වතුරේ බහා පැය කීපයක් තිබෙන්නට
හරින්න. ඉන්පසු හොඳින් මිරිකා සුදුසු භාජනයකට දමන්න. දැන් එයට ඉඟුරු,
සුදුලූනු තලා දමන්න. ඉතිරි කළමනා සියල්ලද එකතු කර මද ගින්දරේ පදම එනතුරු
පිසගන්න.
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks